2015 අයවැය යෝජනා
අනුව වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා දැනට ගෙවන රුපියල් 1000/- දීමනාව, රුපියල් 2000/- දක්වා වැඩිකිරීමට යෝජනා කර තියනවා. Assistance For Over 70 මෘදුකාංගය
භාවිතා කරන අය, එහි මෙම අගය සංශෝධනය කරන්නේ කොහොමද? ඒ සඳහා පහත දැක්වෙන පියවරයන්
අනුගමනය කරන්න.
Assistance For Over 70 මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.
Activity > Build SQL (F4) වෙත යන්න.
දැන් Build SQL ආකෘතිය(Form) ඔබට ලැබේවි.
එහි පහත දැක්වෙන SQL Statement සටහන් කරන්න.
update holder set cvalue = 2000 where
cvalue = 1000
Execute Click කරන්න.
දැන් පහත දැක්වෙන පණිවිඩ කොටුව(Message Box) ඔබට ලැබේවි.
OK Click කරන්න.
Holder Grid Click කරන්න.
New > Assistance Amount (Ctrl+M) වෙත ගොස් රුපියල් 2000/- අගය ඇතුලත් කිරීමටත් අමතක කරන්න එපා.
No comments:
Post a Comment